Sunday, July 20, 2014

Troides darisus




කවුද මේ Troides darsius?
බොහෝ ශ්‍රී ලාංකිකයින් නොදන්නා කරුණක් ගැන තමා මේ කතා කරන්නේ. ලංකාවේ ජාතික පක්ෂියා, ජාතික
වෘක්ෂය, ජාතික පුෂ්පය ගැන කතා කරන බොහෝ දෙනෙක් ලංකාවේ ජාතික සමනලයා ගැන නොදන්නවා ඇති.
2009 වසරෙදි ප්‍රකාශයට පත්කළ ලංකාවේ ජාතික සමනලයා තමයි Troides darsius.මෙම 
සමනලයා ලංකාවට ආවේණිකයි.
ලංකාවේ විශාලතම සමනලයා වන මෙම සමනලයා Lepidoptera ගෝත්‍රයේ Papilionidae 
කුලයේ සාමාජිකයෙක්. මහකුරුළු පියා යන සිංහල නාමයෙන්ද Common Birdwing යනුවෙන් 
ඉංග්‍රීසියෙන්ද මෙම සමනලයා හඳුන්වනවා.
 දිවයිනේ සෑම කලාපයකම වාගේ පුළුල් ව්‍යාප්තියක් පෙන්වන මහ කුරුළුපියාගේ දලඹුවා ආහාරයට ගන්නේ 
සප්සඳ වැලේ (Aristolochia indica)පත්‍රයි. තෙත් කලාපයේ බහුලයි. 
ගැහැණු සමනලයාගේ ඉදිරි පියාපත්වල සුදු පැහැ වර්ණ රටව නිසාත් වඩා විශාල වීම නිසාත් පිරිමි සමනලයාගෙන්
වෙන්කර හඳුනාගත හැකියි. 



නිලංග රණතුංග

(2012/2013)
  

No comments:

Post a Comment