Wednesday, January 14, 2015

නුඹ නමට



පායා එන සඳ
සිසිලස අරන්
පිය මං කරා
මතකයි
නුඹ
කවි පද දසසක්
අතර නිහඬවම
මුණිවත රකිමින්
කමා වුව මැන
දස දස් වතාවක්
මගෙන් ලද
කුඩම්මා සැලකිලි
වලට
කෙලි කවට බස්
වලින් හැඩ වුනු
අතීතය
බිදී ගොසින්
අද එ අයත් සමඟ
හද පත්ලෙන් නොනැගි
මදහසට
ලොබ බඳින්නට තරම්
තාරුණ්‍ය උමතු වූයේ
කිම
දහසක් වදන් තිබුනද
කියා ගන්නට
වරම් නැත
නුඹ නමට
එහෙත්
මමත් පිංවතියක් වූවෙමි
නුඹෙ ලග
වසන්නට...
නේරංජනා හේමචන්ද්‍ර
(2011/2012)

2 comments:

  1. කැම්පස් කොල්ලන්ගේ කෙල්ලන්ගේ පද කියවන්න ලැබීම ගැන සතුටුයි.... දිගට ම කරගෙන යමු.... හැමෝට ම අවස්ථාව දෙන්න... ඔය ජීවිතේට අායෙම ඒන්න තියෙනවා නම් ................ ජීවිතේ සුන්දර ම යුගය..............

    ReplyDelete