Friday, May 1, 2015

සූර්යාංජලී 2015


  න්න ඉතින් හා හා පුරා කියල 2013/2014 අධ්‍යන වර්ෂ වල කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන පීඨයේ සහෝදර සහෝදරියො ටිකයි 
පශු සම්පත්,ධීවර හා පෝෂණ පීඨයේ සහෝදර සහෝදරියො ටිකයි එකතු වෙලා සංවිධානය කරපු අවුරුදු උත්සවය; 
"සූර්යාංජලී 2015" පසුගිය 29 වෙනිදා සාර්ථකව පැවැත්වුනා.



වැදගත්ම දේ තමයි සතියකට ආසන්න කෙටි කාලයක් අතුලත මෙවැනි විශාල වැඩසටහනක් සංවිධානය වීම.ඒ සඳහා පීඨ දෙකේම සහෝදර සහෝදරියො එකතු වෙලා රෑ දවල් නොබලා කටයුතු කලා.





"සූර්යාංජලී 2015" මෙවර තේමාව වුනේ "ගමත් නගරයත් යා කරන අවුරුද්ද" සංකල්පය.මෙම සංකල්පය විදහා දැක්වෙන අයුරින් අවුරුදු උත්සවයේ සමාරම්භක කටයුතු සංවිධානය කරල තිබුනා. ක්‍රීඩා පිටියෙ අන්තයේ ඉදිවුන ගම ගෙදර මැදි කරගෙන අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන අතරතුර නගරයේ නෑදෑ පිරිසක් ගම් රටවල් බලා පැමිණෙන අයුරු නාට්‍යමය ස්වරූපයෙන් විදහා දැක්වුනා.



ගම ගෙදර පසෙකින් දක්නට තිබුනු උණ වෙඩිල්ල කාගේත් අවධානයට ලක් වෙද්දි කාන්තා පාර්ශ්වයේ වැඩි අවධානයක් යොමු වුනේ ගම ගෙදර අනෙක් පසෙන් තිබුන ඔන්චිල්ලාවට.





සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට අමතරව දමිළ අවුරුදු චාරිත්‍ර වාරිත්‍රද ඉෂ්ඨ සිද්ධ කිරීම කැපී පෙනුන කරුණක්.




          උත්සවයේ සමාරම්භක කටයුතු සඳහා කෘශිකර්ම හා වැවිලි කළමණාකරන පීඨයේ පීඨාධිපති මහාචාර්ය D.P.S.T.G අත්තනායක මහතා, නියෝජ්‍ය  ලේඛකාධිකාරී W.M.U කීර්තිරත්න මහතා,මහාචාර්ය උදිත් ජයසිංහ මහතා,ආචාර්ය k යකන්දාවල මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් එක්ව සිටියා.




ඔවුන් අතින් විවෘත කෙරුනු අවුරුදු කෑම මේසය ඉතා ප්‍රනීත අයුරින් සකස් වී තිබෙනු දක්නට ලැබුනා.



මීට අමතරව පළමු වසරේ සහෝදර සහෝදරියන්ගේ නර්තනාංග වලින් උත්සවයේ සමාරම්භක අවස්ථාව වර්ණවත් වුණා.




මෙවර "සූර්යාංජලී 2015" සඳහා කුලියාපිටිය පරිශ්‍රයේ සිටින අපේම අයියලා අක්කලා සහ සහෝදර සහෝදරියන් නෑගම් පැමිණීමද දක්නට ලැබුනා.අවුරුදු කැවිලි පෙවිලි හා තෑගි බෝග රැගෙන මාකඳුරට නෑගම් පැමිණි පිරිස අතරේ ඔවුන්ගේ වීදි නට්‍ය කණ්ඩායමද සිටියා.
අගනා වීදි නාට්‍යකින් පැමිණ සිටි පිරිස පිනවීමට එම සහෝදර පරිශ්‍රයේ වීදි නට්‍ය කණ්ඩායම සමත් උණා.



ඊට නොදෙවෙනි ප්‍රහසනාත්මක වීදි නාට්‍යයක් මාකඳුර පරිශ්‍රයේ පළමු වසර වීදි නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කිරීම කැපී පෙණුනා.වැදගත් 
කාරණය වන්නේ මෙම වීදි නාට්‍ය දෙකෙන්ම සමාජයට වැඩදායී පණිවුඩයක් ලබාදීමයි.




"සූර්යාංජලී 2015" අවුරුදු ක්‍රීඩා වල ආරම්භය සනිටුහන් කරමින් බාධක දිවීමේ තරඟය පැවැත්වුණා.තරඟකරුවන් වශයෙන් ඉදිරිපත් වූ පළමු වසරේ සහෝදරයින් තරඟය අවසන් කලේ දැඩි බාධක ඔස්සේ තරඟ කරමින්.



මීට අමතරව අලියාට ඇස තැබීම,බැලුම් පිපිරවීම,හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාම,යෝගට් කෑමේ තරඟය,ඉඳිකටුවට නූල දැමීම,
පොල් අතු විවීම,කණා මුට්ටි,කොට්ට පොරය, බිත්තර ඇල්ලීම,බෝතලයට වතුර පිරවීම,කඹ ඇදීම,ග්‍රීස් ගහේ යාම,විකට ඇඳුම් තරඟය වැනි අවුරුදු ක්‍රීඩා රාශියක් සංවිධානය කොට තිබුනා.





මෙවර අවුරුදු උත්සවයේ කඹ ඇදීමේ තරඟය ඉතා සුවිශේෂී ස්ථානයක් හිමි කර ගත්තා.ඊට හේතුව වූයේ අපේක්ෂිත කණ්ඩායම් ප්‍රමාණයට වඩා ඉතා විශාල ප්‍රමාණයක් සහභාගී වීමයි.කාන්තා පාර්ශ්වයෙන්ද මේ සඳහා දැඩි උනන්දුවක් තිබෙන අයුරු දක්නට ලැබුනා.
රාත්‍රී අන්ධකාරය නොතකා කඹ ඇදීමේ තරඟය පැවැත්වුනත් තරඟකරුවන්ගේ උද්‍යෝගය නම් අඩු උනේ නෑ.මේ නිසාම "සූර්යාංජලී 2015" කඹ ඇදීමේ තරඟාවලියක්ද යන ප්‍රශ්නය පැමිණ සිටි පිරිස අතර කත බහට ලක්වූ බව ආරංචි මාර්ග පවසා සිටියා.



ලෝහිත මල් ගැවසී
එරබදු තුරු මුදුන් මැද
කොහෝ නද රැව් දෙන
වයඹ දෙරණ සිසාරා
කජු පුහුලන් ඉදෙන
ඇහැල මල් ගොමු පිපෙන
වසන්තය ආවඩන
සුන්දර බක් මහේ ගීතයත් එක්ක
සමීපයට ගොඩවැදුන
සූර්යෝත්තම මංගල්‍යය
"සූර්යාංජලී 2015"



චාරුක මල්ශාන්
(2013/2014)

11 comments:

  1. Payar, article eka hodai. Tnkz mchn batch eka wenuwen leewa ekata.
    (Thara)

    ReplyDelete
  2. great work mallila & nangila.. blog eka mehema dakina ekath sathutak....

    ReplyDelete
  3. අහ්, අපේ කැම්පස් එකේ නංගිලා මල්ලිලා හෙන සිරා නේ. ජය වේවා! ආයේ සැරයක් මාකඳුරට ඔළුව දාලා එන්න මාර ආසාවක් බන් තියෙන්නේ.

    ReplyDelete
  4. එළම වැඩක් මල්ලි..... සුභපතනවා....

    ReplyDelete