Saturday, May 28, 2016

මෙත් ගී දහරා 2016


                  කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමයයි පීඨ කළා කවයයි එකතු වෙලා පහුගිය වෙසක් උත්සවේ වෙනුවෙන් අපුරු වැඩක් කළා.ඒ තමයි "මෙත් ගී දහරා" භක්ති ගීත ප්‍රසංගය.මේකේ විශේෂත්වය තමයි මාකඳුර ඉතිහාසයේ ප්‍රථම වරට මේ වගේ භක්ති ගීත ප්‍රසංගය සංවිධානය වීම. 2016.05.19 වෙනිදා පරිශ්‍රයේ නව පිවිසුම් මාර්ගයේ, ඒ කියන්නේ අලුත් පාරේ එළිමහන් ප්‍රසංගයක් විදිහට සාර්ථකව පැවැත්වුන මේ ප්‍රසංගය කැම්පස් එකේ ඇතුලේ අයට විතරක් නෙවෙයි ගමේ ඉන්න අසල්වැසි හැමෝටම විවෘත වෙලයි තිබුනේ.



         
   පිඨ ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ආචාර්ය කපිල යකන්දාවල,  වෘත්තිය මාර්ගෝපදේශන ඒකකයේ ප්‍රධානී ආචාර්ය චන්දන අබේසිංහ, ආචාර්ය බන්දුල රණවීර ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම බැති ගී ප්‍රසංගයට අධ්‍යන කාර්ය මණ්ඩලය පැත්තෙන් සහභාගිත්වය ලබා දුන්නා.




           
වැදගත් කාරණේ තමයි පළමු වසර දෙවන වසර තෙවන වසර කියල භේදයක් නැතුව හැමෝම එකා වගේ එකතු වෙලා මේ කාරණේ වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු එක.එක එක වසර වල වෙනම ගීත කියද්දී සමහර ගීත කිවුවේ හැමෝම එකතු වෙලා.කොහොමත් ආර්ට් ස(ර්)කල් එක කියන්නේ වසර භේදයක් නැතුව හැමෝටම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තැනක්.ඒ අත්දැකීම ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ.


 


             
පූජා ඩාන්ස් එක කලේ හැමෝම එකතු වෙලා.


           
  ප්‍රසංගයට ලොකුම බාධාව උනේ වැස්ස.හැබැයි අපේ වාසනාවකටදෝ කොහෙද ප්‍රසංගය අතරමැදදී නම් වැස්සෙන් බාධාවක් උනේ නෑ.අහිතකර කාලගුන තත්වයේ උනත් ඒ හැමදේම මැද්දේ ඇවිල්ලා හිටපු අපේ සහෝදර සහෝදරියෝ හැමෝගෙන්ම ලොකු සප් එකක් ලැබුනේ.



       

 ඇවිල්ල හිටපු අයට පොඩි සංග්‍රහයකුත් ලෑස්ති කරලා තිබ්බ.


       
  ඩ්රාමා එක කලේ පළමු වසරේ මල්ලිලා.



          මේ ඉන්නේ බැති ගී ප්‍රසංගය වෙනුවෙන් ඉස්ටේජ් එකේ පෆෝම් කරපු සෙට් එක.


     
  ඉන්ස්ට්රුමන්ට් ප්ලේ කරපු සෙට් එකේ පොටෝ එකක් වෙනම ගත්ත.


       
තවත් පොටෝ තියෙනවා.


\
















          ඉතින් මේ ප්‍රසංගය සාර්ථක කරගන්න ඇප කැප උන හැමෝටම බ්ලොග් එකේ අපේ හද පිරි මෙව්ව එක හොඳේ.

මේ තියෙන්නේ වීඩියෝ එක.




             

               

No comments:

Post a Comment