Friday, June 3, 2016

මිහිමව් පෝතක සිත් රූ පෙළහර

                             පහුගිය මැයි 17 වෙනිදා අපේ ෆැකල්ටියේ අලුත් බිල්ඩින් එකේ හරි අපුරු exhibition එකක් පැවැත්වුනා.ඒ තමයි "Nilanga Ranathunga - Portrait Art Exhibition".මේකේ හැම portrait එකක්ම ඇඳලා තිබ්බේ බ්ලොග් එකේ මිහිමවගේ පෝතකයා, ඒ කියන්නේ 3 වෙනි වසරේ නිලංග රණතුංග සහෝදරයා.මම හිතන්නේ මාකඳුර ඉතිහාසේ ප්‍රථම වතාවට තමයි මේ වගේ ඒක පුද්ගල ප්‍රදර්ශනයක් පැවැත්වුනේ.මොකද මේ වගේ වැඩක් තනියෙන් කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.අනිත් කාරණේ තමයි නිලංග අයියා Photographer කෙනෙක් විදියට ප්‍රසිද්ද වෙලා හිටියට මේ වගේ චිත්‍ර කුසලතාවක් තියෙන කෙනෙක් කියල කවුරුත් දැනන් හිටියේ නෑ.ඉතින් නිලංග අයියගේ ඒ සැඟවුන හැකියාවත් මේ ප්‍රදර්ශනෙන් අපිට දැක බලා ගන්න පුලුවන් උනා.


Saturday, May 28, 2016

මෙත් ගී දහරා 2016


                  කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමයයි පීඨ කළා කවයයි එකතු වෙලා පහුගිය වෙසක් උත්සවේ වෙනුවෙන් අපුරු වැඩක් කළා.ඒ තමයි "මෙත් ගී දහරා" භක්ති ගීත ප්‍රසංගය.මේකේ විශේෂත්වය තමයි මාකඳුර ඉතිහාසයේ ප්‍රථම වරට මේ වගේ භක්ති ගීත ප්‍රසංගය සංවිධානය වීම. 2016.05.19 වෙනිදා පරිශ්‍රයේ නව පිවිසුම් මාර්ගයේ, ඒ කියන්නේ අලුත් පාරේ එළිමහන් ප්‍රසංගයක් විදිහට සාර්ථකව පැවැත්වුන මේ ප්‍රසංගය කැම්පස් එකේ ඇතුලේ අයට විතරක් නෙවෙයි ගමේ ඉන්න අසල්වැසි හැමෝටම විවෘත වෙලයි තිබුනේ.