-පැමිණිලිකරුවෙක් නැතිව නඩු කතා කිරීම-
"සෂිගේ
කතාව" ලිපි පෙලේ කතා නායකයා තමයි "සෂි" . එයාගේ ඇත්තම අත්දැකීම් තමයි මේ ලිපි පෙලේ තියෙන්නේ. හැබැයි ඒ අත්දැකීම් සෂිට විතරක් අදාල දේවල් නෙවෙයි, campus කොල්ලො කෙල්ලො වුන අපි කාගෙත් පොදු අත්දැකීම්. ඉතිං මම හිතුව අපි -පැමිණිලිකරුවෙක් නැතිව ණඩු කතා කිරීම-
"සෂිගේ
කතාව" ලිපි පෙලේ කතා නායකයා තමයි "සෂි".එයාගේ ඇත්තම අත්දැකීම් තමයි මේ ලිපි පෙලේ තියෙන්නේ. හැබැයි ඒ අත්දැකීම් සෂිට විතරක් අදාල දේවල් නෙවෙයි, campus කොල්ලො කෙල්ලො වුන අපි කාගෙත් පොදු අත්දැකීම්. ඉතිං මම හිතුව අපි හැමෝම එකම බෝට්ටුවේ ඉන්න එකේ සෂිගේ අත්දැකීම් අපි අතරේ බෙදාගන්නත් එක්ක ඒව ගැන අපේ සිතුවිලි පිටුවට ලියන්න. මේකට මාව උනන්දු කරපු සිතුවිලි පිටුවේ බලධාරී අයියාටත් ස්තූති කරන ගමන් මෙන්න මේ ඒ ලිපි පෙලේ පලවෙනි ලිපිය.....
මුලින්ම
කියලා ඉන්නම් සෂි කියන්නේ කවුද කියලා. ඒ කියන්නේ "සරසවි ශිෂ්යයා" ඒ වචනේ දිග වැඩි නිසාත්, නිතරම පාවිච්චි කරන්න වෙන නිසාත් shorten form එකෙන් "සෂි" කියල කියමු.
සෑහෙන
කාලෙකට පස්සේ සෂි ගෙදර ගියේ
පොඩි අවුලක් නිසා දවස් කීපෙකට campus එක වහපු හින්දා. ගෙදරට වෙලා ඉන්න තියන කම්මැලි කමට පාර පැත්තේ රව්මක් ගහලා එන්න හිතාගෙන සෂි එලියට බැස්සා. ටික දුරක් ඇවිදගෙන යනකොට සෂි දැක්ක ඉස්කෝලේ සෂි එක්ක එකට හිටපු එකෙක් (සමන් කියමු) three wheeler එකක් තියාගෙන හංදියේ බලන් ඉන්නවා.සමන්ට campus යන්න Z එක පොඩි දෂම ගානක් විතරයි මදි, ඒ මදිවට මිනිහා music වලටත් පට්ට talented. ඒත් ඉතින් දැන් three wheeler එකක්
තියාගෙන කවුරුහරි hire එකකට කතා කරනකම් බලාගෙන ඉන්නවා.
සෂි
සමන් ලඟට ගිහින් කතා කරා.
"ආ
සමන්, සෑහෙන කාලෙක පස්සෙනේ බං දැක්කේ! කොහොමද ජීවිතේ?"
"අවුලක්
නෑ මචන්, ශේප් එකේ ඉන්නවා. කාලෙකින් ගෙදර ඇවිත් තියෙන්නේ"
"campus එක
වැහුවනේ පොඩි අවුලක් ගිහින්," සෂි කිවුවා
"කොහෙද
ඉතින් උඹලා හැම එකට කැගහනවනේ, රජයේ විශ්වවිද්යාල හදන්ඩලු, තියන ඒවා දියුනු කරන්ඩලු, private campus එපාලු, ධනපති පන්තිය අපිව පාගනවලු bla bla..... උඹලට මොනවා කරත් වැරදීනේ!"
"අපි
කෑගැහුවේ නැත්තම් ඕවට කවුද බං කටක් අරින්ඩ ඉන්නේ" සෂි කිවුවා
"දැං
ඔහොම කෑගැහුවා කියලා උඹලට මොනාද ලැබෙන්නේ?"
සෂි
ලොකු කතාවකට ලෑස්ති වෙන්ඩ වගේ ලොකු හුස්මක් එහෙම අරගෙන,
"අපිට ලැබෙන දෙයක් නෑ බං,
අපිට දැන් ලැබෙන්ඩ ඕන දේවල් ලැබිලයි තියෙන්නේ. අපිට කවද හරි degree එක තියනවා.හොඳ job එකකුත් set වෙයි. ඒ වුනාට අපි විතරක් ගොඩ ගිහින් හරියන්නෑනේ බං, ලක්ෂ ගානක් වටිනා degree එකක් අපිට රජයෙන් නිකන් දෙනවා කිවුවට ඒකට වියදම් කරන්නේ මේ රටේ දුප්පත් මිනිස්සු. හැම ආයතන සේවකයෙක්ම පඩියෙන් කොටසක් මාසේ අන්තිමට අපිට ඉගෙනගන්ඩ දෙනවා.හැම අම්මා කෙනෙක්ම දරුවට දෙන්ඩ ගන්න කිරිපිටි පැකට් එකට විතරක් නෙවේ, ඒත් එක්කම අපිට ඉගෙනගන්ඩත් ගෙවනවා. මැද පෙරදිග මැරීගෙන වැඩකරන ගෑනු අය එයාල ලංකාවට එවන හැම සතයකින් වගේම දවස පුරාම බර කරගහන නාටාමිලා උස්සගෙන යන හැම මුට්ටයකටම ලැබෙන ගානෙන් කොටසක් අපි වෙනුවෙන් වියදම් කරනවා.අඩුම තරමේ හිඟන්නෙක් පවා මුලු දවසටම කන්ඩ ගන්න ගන්න බනිස් ගෙඩියෙනුත් අපිට වියදම් කරනවා.ඒක නිසා අපිට යුතුකමක් නෙවේ මචන් නිදහස් වෙන්ඩ බැරි වගකීමක් තියනවා මේ මිනිස්සු ගැන, හරියට අපිට උගන්නන්ඩ වියදම් කරපු අපේ දෙමවුපියො ගැන තියන වගකිම වගේ!
ඒ
මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගනගන්න එවුන් විදිහට සේවකයන්ගේ පීඩනය, අම්මලාගේ බලාපොරොත්තු අපිට දැනෙන්ඩ ඕන.අපිට දැනෙන්ඩ ඕනේ මැදපෙරදිග වැඩ කරන ගැහැනියකගේ මහන්සිය,නාටාමියෙකුගේ ඔලුවට දැනෙන බර, හිඟනෙකුගේ බඩගින්න.. ඒකයි අපි කැගහන්නේ මිනිස්සුන්ගේ අයිතීන් වෙනුවෙන්, අම්මලාගේ බලාපොරොත්තු වෙනුවෙන්, විරැකියාව, දරිද්රතාව, නිදහස් අධ්යාපනය වෙනුවෙන්.එහෙම නොවුනොත් අර අම්මලාගේ දරුවන්ටත් මැදපෙරදිග එවුන්ට වහල් කම් කරන්ඩ වෙයි. අපි කැගහන්නේ කවදහරි අර නාටාමිගේ පුතාටත් මුට්ට කරගහන්ඩ සිද්ද නොවෙන්ඩයි.කැගහලා අපිට පස්සේ මේවට එන්ඩ ඉන්න රජ පෙලපත් වලට අයිති නැති නංගිලා මල්ලිලාට අනාගතයක් ඉතිරිකරේ නැත්තම් උන්ට වෙන්නෙත් උඹට උන දේ. බලපං, උඹට campus යන්ඩ පොඩි ලකුණු ගානනේ මදි, තව campus තිබ්බනම්, ඒවට තව ළමයි ගත්ත නම් උඹට අද මෙතන ඉන්ඩ සිද්ද වෙන් නෑනේ. අඩුම තරමේ උඹේ music talent එකට හරි ඉස්සරහට යන්ඩ chance එකක් තිබ්බනම් කොයිතරම් ඉස්සරහකට ගිහින්ද උඹ මේ වෙද්දි!" කියලා මාර talk එකක් දුන්නා. සෂිගේ හර්ද සාක්ෂිය කෑගැහුවා කිවුවනම් ගොඩක් හරි....
ඔය
සේරම සද්ද නැතුව අහගෙන හිටපු සමන්
"අනේ
නිකං බණ කතාකරන් නැතුව හිටපන් බං! මොන මනුස්සයෙක් වත් දැනගෙන උඹලට වියදම් කරනවයැ! අනික මට නම් ඔය campus ගානේ ගිහින් කට්ට කනවට වඩා මචං මේ ඉන්න විදිහ දාහෙන් සම්පතයි!ඒ නිසා කෑගහන්ඩ ගිහිං නිකං නහින් නැතුව ඉගෙනගන්ඩ ගියානම් ඉගෙනගනිං!මහ පිස්සු විකාර...."
සමන්ගේ
කතාවෙන් සෂි shock වෙලා ගියා."යකෝ මේක හරියට පැමිණිලිකාරයෙක් නැතුව නඩු කතාකරනව වගේ වැඩක්නේ!අපි හැමදේම කැපකරලා අපි වෙනුවෙන් දෙයක් කරපු, අසාධාරණයක් උන එවුන් ගැන කතා කරන්ඩ ගියාම උන් කියනවා උන්ට අවුලක් නැල්ලු, අපිට පිස්සුලු!!! ඇත්තටම අපිට පිස්සුවත්ද??" සෂී හිතුවා
එක
අතකට campus වලම ඉගෙනගන්න කොන්ඩ රැවුල් වවලා cap දාලා full radical පාටට ඉන්න සමහර අයියලාටත් තමන්ගේ සහෝදර සෂිලා කෑගහන එක පිස්සුවක් වගේ පේන එකේ පාරේ three wheeler එකක් පදින සමන් ඕක කොහොම තේරුම්ගන්නද.
සෂිට
සමන් ගැන ඇති වුනේ තරහක් නෙවේ, අනිකම්පාවක්. තමන් අසාධාරණයට ලක්වුනාද කියලවත් තේරෙන් නැති, තමන් වෙනුවෙන් කවදාවත් හඬක් නගන්න තරම් හැකියාවක් නැති අහිංසකයෙක්! ඉතිං උන් වෙනුවෙන් සෂිලා නැතුව වෙන කවුරු කතා කරන්ඩද??
සෂි
සමන්ගේ පිටට තට්ටු කරලා "හරි හරි, එහෙනම් මම යනවා" කියාගෙන යන්න හැරුනා.
"මම
කිවුව ඒවට උඹේ හිත රිදුනද?" සමන් ඇහුවා.
"පිස්සුද
බං" හිනාවක් එක්ක එහෙම කියපු සෂි පාර දිගේ ඇවිදගෙන යන්ඩ පටන් ගත්තා. ඒ අතරේ නිෂ්මි ගේ වචන කීපයක් ගුරු පාර දිගේ සෂි ගේ පස්සෙන් පාවෙලා ආවා.
"පහසු දේ කිරීමට ඕනෑ කෙනෙකුට හැකිය
නමුත්
ඒවා වාටිනා හා ලස්සන
දේ වන්නේ නැත.
එහෙයින්,
අනෙක්
අය පසුබාන, අනෙක් අය අතහරින,
අසීරු
හොඳ කටයුතු අප බාරගත යුතුය.
අප
ඒවා කල යුතුය, ඒවා කල හැකිය"