ගමේ ඉස්කෝලේ
A/L කළා කලේ
S 3යි
අම්මාගේ ඇස් වල කදුළු
දුකද සතුටද අනේ මන්ද
අම්මා රට
තාත්තා නම් ගෙදර
අම්මට කතා කරන්න හුරුබුහුටි phone එකක්
දන්නේ නැති නම්බර් එකක්
නංගි ඔයා කොහෙද
අන්තිමට හිත එයා ලඟ
යමුද අපි පැනලා වත්
ඔයාලගේ තාත්තත් කැමති නෑනේ
මම හ්ම්ම්ම්ම්
මං කලාපේ වැඩ
කොල්ලෙක් නෑ තාම
එහා පැත්තේ ලඟදි ආව
අලුත් කපල් එක
චූටි නංගියෙක්
18කුත් නෑ මයේ හිතේ
කොල්ලගේ ඇස් නම් වටේම දුවනවා
අද ඉරිදා
එත් covering
අයියාට නම් නිවාඩු
පව් පාලු ඇති
අන්තිමට කොල්ලා මං ගාව
දන්නෙම නැතුව මං ඌ ගාව
ලබා උපන් හැටිනේ
අම්මා කියනවා මතක් උනා
අපි දැන් කලාපේ නෑ
අලුත් තැනක්
ආයුරුවේද Spa එකක්
board එකේ තිබුනේ එහෙම
පඩි නම් හොදයි
එතකොට කොල්ලා
ඌ ද තාම උගේ ඇස් 18 කණුවේ ඇත්තේ
ගමේ උපන් මල්නේ
මැඩම් කියන්නේ එහෙම
පාට පාට කාර් වලින් බහින මහත්වරුන්ට
දවසක් මේ අපේ මහත්තයෙක්
හොදට බලාගන්න ඕනේ හරියට
කාකි නිල ඇදුමක්
මම yes සර් නෑ හා මැඩම්
ඔව් අපි ගණන් තමයි
කොන්ඩේ කෙලින් කොටයි පාට නම් කළු නෙමේ
අදත් ගියා
අලුත්ම අලුත් permit වාහනේක
තරු 5 කට
ගෙදර අමතකද
නෑ මං ගෙදර හැදුව
අම්මයි මල්ලියි දැන් T.V බලන්නේ LCD එකේ
අම්මා රට ඉදන් ආවද
අහන්න එපා මල්ලි වෙලාව මදි
දුකද නෑ ලබා උපන් හැටිනේ
දිග හුස්මක හෙමිට ඈ කීවා
ඒ හුස්ම දිගේ පාවෙලා ඇවිත්
කටු මැටි ගහපු ගෙදරක කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කෙල්ලෙක්
අම්මා එවපු phone එකෙන්
ඉස් ඉස්සෙල්ලාම අම්මාට හෙලෝ කියපු චූටි දුවක්
මං කව්ද පත්තර කාරයෙක් මචන්
නුවන්ත අධිකාරි
2011-2012
සල්ලි පස්සේ ගිය ජීවිත..............
ReplyDeleteකෙලින්ම වැරද්ද පටවන එකත් සදාරණ නෑ නේද,,මෙතනට පත් කරපු පිරිසකුත් ඇතිනෙ
ReplyDelete