Sunday, June 29, 2014

නික්මන


 
 
නිරුදක කතරක මන් මුලාවී 
දිය පොදක් සෙවූ මා වෙත 
මහ වැස්සක් වී ඔබ
ඇද හැලුන 
     අපූරුව........
අමාවකක් වූ මා සිත් අහසට
පුර සදක් වී පායා
මගෙ මුලු ලොවම 
ඔබේ කිරනින් නහවාලූ
     අපූරුව........
මගෙ ජීවිතය ඔබේම කර ගෙන
මටද මා අහිමි කර 
අවසානයේ අනේ ඔබ
නික්මගිය 
      අපූරුව.........
 
 
 
සරණි සුලක්ඛනා
(2011/2012) 
 
 

1 comment:

  1. ආදරයේ සුන්දරත්වය සහ අහිමිවීමේ වේදනාව.........................

    ReplyDelete