Tuesday, September 10, 2013

ඊලමට එරෙහිව රිකාශා ‍තෝසේ කෑමි.





දවසක් හවසක බීපු පොරක් අපේ ගේ ලඟින් මාරුවුනා.නිකනුත් ජොලියට බර පොරක් නිසාම බීපුවම ඌට ජොලි වැඩියි.හබැයි එතකොට මෑන්ස් දෙන්නෙ හෙන පඬි ටෝක්.එදා ඌ යනින් ගමන් ගමටම ඇහෙන්ඩ  සින්දුවක් මුමුනනවා.

                ආනන්ද භවන් එකට ගිහින් ‍තෝසෙ ගිලිනවා
                එලියට අවිදින් යාපනෙ දෙමලුන්ට බනිනවා
                ආ.... ආනන්ද භවන

පාඩම් කරන වෙලාව හින්දා උගෙ ජාතිය මතක් උනත් උගෙ ජාතියට වඩා ජාතියක් ඒ සින්දුවෙ තියනවා කියලා මටත් යන්තමට මීටර් උනා. නිකමට වගේ පත්තරයක් ගත්තොත් උඩ ඉඳන් යටටම ඊලම,ජාතිවාදය,භෞමික අඛණ්ඩතාවය වගෙ බර වචන අස්සෙ A/L පොත්වලත් තියෙන බලය බෙදීම වගේ වචනත් පිරිලා.
ලඟදි කරුණා නිධි අංකල් යාපනේ ඊලම් රාජ්‍යයක් හදනවා කියලා හෙන ජෝගියක් නැ‍ටුවා.රටේ ගොඩක් පොරවල් මේ ඊලමට විරුද්ධයි.තාම පොරක් නොවුනත් මාත් විරුද්ධයි.ඔය ඉන්දියාවෙ කෑගහන එවුන්ට ලංන්කාවෙ දෙමල මිනිස්සු ගැන ඔච්චරම ඇම්මක් තියෙනවානන් ඇයි උන්ට බැරි ලංකාව වගේ හතර පස් ගුනයක් විශාල තමිල්නාඩුවට මේ අය අරන් ගිහින් දෙයියනේ කියලා සලකගෙන ඉන්ඩ. නැත්තන් ඔය ඉන්නව වගේ හැම ජාතියම ‍ෆිට් එකේ ඉන්ඩ ඕනෙ.

                                  ඉතින් ඔන්න ඔය කල්පනාවෙන්ම තමා මං පහුවදා cls යන්ඩ කියලා නුවර බැස්සෙ.හිතේ තිබ්බෙම අර කිවුවා වගේ ඊලමක් නැති නිදහස් නිවහල් ලංකාවක ආසියාගේ ආශ්චර්‍යය බලන පරම පිවිතුරු චේතනාව.වැඩි හොඳට බූරු කුට්ටමකුත් බෑග් එකේ තිබ්බා.
දවල් cls එකේ කොල්ලො එක්කත් ඕකමයි කතාව.ඇයි යකෝ අපි අනාගත ශ්‍රම බලකාය වෙච්චි. නිකන් ඉඳලා පුලුවන්ඳ.???
දැන් හහවස cls ඉවරවුනා විතරයි.උදේ කාපු සමබල ආහාර වේල හින්දා ගෙදර යන්ඩ තරන් පනක් තිබ්බෙ නෑ. බැරිම තැන කන්ඩ කියලයි ගියෙ.
KFC,ඩෙවෝන් වගේ තැනකින් කනවා cls එකේ කෙල්ලො දැක්කොත් මගේ තත්වෙට හරිනැති හින්දා තත්වෙට හරියන තරුපහේ pot එකක් හොයාගෙන උගුර ලේ රහ වෙනකන් ඇවිද්දා. තැන් දෙකතුනක් නන් set උනා ඒත් ඒවට credt crd එකෙන් pay කරන්ඩ බෑනේ. මොනවා කරන්ඩද.
                        ඕන් අන්තිමට වහිනවා. වැස්සට ගොඩ උනේ රිකාශා භවන් ‍තෝසේ කඩේට.ඒක එකම රාජ්‍යයක් වගේ.පැත්තකට දෙයියොත් වැඩලා.
              අසිහියෙන් වගේ හින්දා නිකමට ලඟ එකාගෙන් අහුවා "අඩෝ දේශද්‍රෝහියා ‍තෝ මාව එක්ක ආවෙ ඊලම් රාජ්‍යයටනෙ..?"කියලා..
        කන්ඩ වගේ මං දිහා බලපු ඌ..
         " මොන මගුලෙන් හරි බං.. poket එකේ හැටියට කන්ඩ  තියෙන්නෙ මේකෙ විතරයි..
           අ.. අයියා අපිට රිකාශ ‍තෝසේ 3ක් දාන්ඩ..... වඩේ එපා හරි........ "

                                                                                           
                                                                                                 -සංඛජ ධර්මතිලක-
                                                                                                      පලමු වසර

No comments:

Post a Comment