මාස කිහිපයක විරාමයකට පස්සෙ අපේ කලා කවය තවත් ලොකු වැඩකට අත ගැහුවා.ඒ තමයි "විදු සිත් රූ" සහ "PHOTOTHERAPY" exhibition දෙක.
"විදු සිත් රූ" කියන්නෙ අපේ කස්ටියගෙ චිත්‍ර කලා හැකියාවන් එලි දක්වපු exhibition එක.ඒ වගේම "PHOTOTHERAPY" කියන්නෙ අපේ කස්ටියගෙ ඡායාරූප කුසලතා එලි දක්වපු exhibition එක.අපේ ෆැකල්ටියෙ විතරක් නෙවෙයි, ෆැකල්ටි හතරෙම සහෝදර සහෝදරියන්ගේ චිත්‍ර හා ඡායාරූප කුසලතා කල එලි බහින්න මේ exhibition එක විවෘත වෙලා තිබුනා.2015 නොවැම්බර් මාසෙ 18/19 දවස් දෙක පුරාවටම කැමීලියා සහ මැග්නෝලියා හෝල් දෙකේ මෙන්න මේ ප්‍රදර්ශන දෙක පැවැත්වුනා.
Exhibition එකේ සමාරම්භක කටයුතු පැවැත්වුනේ කැමීලියා හෝල් එකේ.ඒ සඳහා ප්‍රධාන ආරධිත අමුත්තන් වශයෙන් ඉතාලි ජාතික ඡායාරූප ශිල්පිනී එලීනා ගිවෝනි මහත්මිය, තෙවන ඇස ඡායාරූප හා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සමන් ෆර්නෑන්ඩු මහතා සහ නිරංග මහතා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී නිහාල් සඟබෝ ඩයස් මහතා සහභාගී උනා.මීට අමතරව අපේ විශ්ව විද්‍යාලය පැත්තෙන් ආචාර්ය චන්දන අබේසිංහ මහතා, මහාචාර්ය අශෝක නුගවෙල මහතා, ආචාර්ය රූපිකා අබේනායක මහත්මිය, ආචාර්ය කපිල යකන්දාවල මහතා ඇතුලු අධ්‍යයන මණ්ඩලයේ මහත්ම මහත්මීන් රැසක් මෙම සමාරම්භක උත්සවයට සහභාගී උනා.
"විදු සිත් රූ" exhibition එක තිබ්බෙ මැග්නෝලියා හෝල් එකේ.ගොඩක්ම චිත්‍ර අඳින වැඩේට අත ගහල තිබ්බෙ නම් අක්කල තමයි.ඒ උනත් චිත්‍ර වල කොලිටිය නම් නම් ඉතින් ආයෙ කතා කරල වැඩක් නෑ.මාරම තාත්විකයි.විශේෂත්වය තමයි exhibition එකට එන අයට තමන් කැමති චිත්‍රය සල්ලි දීල ගන්නත් ඉඩ ප්‍රස්තාව සලසල තිබ්බ එක.දෙවෙනි දවස අහවර වෙද්දි ගොඩක් චිත යටින් "SOLD" කියල වැදිල තිබ්බෙ අන්න ඒ හින්ද.ඒකෙන් ලැබෙන සල්ලි කලා කවයෙ ඉදිරි කටයුතු වලට යොදාගන්නව කියල තමයි බ්ලොග් එකේ අපිට ආරංචි උනේ.
"PHOTOTHERAPY" exhibition එක තිබ්බෙ කැමීලියා හෝල් එකේ.මේ වැඩේට නම් ගෑනු පිරිමි භේදයක් නැතුව ගොඩක් අය තම තමන් ගහපු ලස්සන ලස්සන පොටෝ ටික තරඟෙට ඇතුලත් කරල තිබ්බ.ආ කියන්න අමතක උනා."PHOTOTHERAPY" exhibition එක organize කරල තිබ්බෙ තරඟාවලියක් විදිහට.මේ තරඟයට කාටවත් අසාධාරණයක් නොවෙන විදිහට වෙන වෙනම categories දාල තිබ්බ.ඒ තමයි DSLR, Digital & Mobile කියන categories.ජයග්‍රාහකයො ගොඩ දෙනෙක් ඉන්න හින්ද ඒ හැමෝගෙම නම් සඳහන් කරන්න නම් අමාරුයි.
කියන්න සතුටුයි exhibition එක බලන්න මාකඳුරෙ අය විතරක් නෙවෙයි, කුලියාපිටියෙ අපේ සහෝදර සහෝදරියන් වගේම අහල පහල තියෙන ඉස්කෝල වල නංගිල මල්ලිලත් ඇවිල්ල හිටිය.පලමු වතාවට organize කලාට හොඳ organizing එකක් තිබ්බ හින්ද වැඩේ ඇදක් පලුද්දක් නැතුව තිබ්බ කියලයි අපිට ආරංචි උනේ.බලන්න එන අයට ලියන්න කියල තිබ්බ කොමෙන්ට් බුක් එකෙත් හැමෝම එහෙම ලියල තිබ්බලු.ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න අත හිත දීපු අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල වල හමෝටමත්, සහෝදර සහෝදරියො හමෝටමත්, මෙකී නොකී සියලුම දෙනාටමත් හෘදයාංගම ඉස්තූතිය පුද කරනව කියල සංවිධායක මණ්ඩලේ අයියල අපිට කිවුවා.
මේ function එක අපේ කැම්පස් එකටම අලුත් අත්දැකීමක්.මොකද මෙහෙම දෙයක් මාකඳුරෙ organize වෙච්ච පලවෙනි වතාවනේ.ඉතින් මෙහෙම දෙයක් ආයෙ ආයෙත් කරන්න ඔක්කොම සහෝදර සහෝදරියන්ට ශක්තිය ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල හැමෝම සුභ පතමු නේද?
එහෙනම් ඔය පහල තියෙන කොමෙන්ට් බොක්ස් එකෙන් කොමෙන්ට් එකක් දාලම ඒ කට්ටියට සුභ පතන්න.
චාරුක මල්ශාන්
තාරුක ධනංජය
ඉන්ද්රඛීල මාදොල
2013/2014
😊👍 good work malli
ReplyDeleteThank you ayya :3
Deleteසතුටුයි............... අපිත් කැම්පස් කාලේ මේ විදිහ වැඩ කීපයක් ම කරා... දැන් ඒ ෆොටෝ සහ මතකය විතරයි ඉතුරු.... හැබැයි ඒ දේවල් වලින් ලැබූ පන්නරයෙන් අපි අද දුර ගමනක් අැවිත් තියෙනවා.... ජීවිතය අහුවෙන්නේ ඔය විදිහට තමයි... ජයවේවා
ReplyDeleteබොහොම ස්තුතියි අයියා!!
Deleteබොහොම අගේ වැඩක්. සතුටුයි..
ReplyDelete