Friday, June 3, 2016

මිහිමව් පෝතක සිත් රූ පෙළහර

                             පහුගිය මැයි 17 වෙනිදා අපේ ෆැකල්ටියේ අලුත් බිල්ඩින් එකේ හරි අපුරු exhibition එකක් පැවැත්වුනා.ඒ තමයි "Nilanga Ranathunga - Portrait Art Exhibition".මේකේ හැම portrait එකක්ම ඇඳලා තිබ්බේ බ්ලොග් එකේ මිහිමවගේ පෝතකයා, ඒ කියන්නේ 3 වෙනි වසරේ නිලංග රණතුංග සහෝදරයා.මම හිතන්නේ මාකඳුර ඉතිහාසේ ප්‍රථම වතාවට තමයි මේ වගේ ඒක පුද්ගල ප්‍රදර්ශනයක් පැවැත්වුනේ.මොකද මේ වගේ වැඩක් තනියෙන් කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.අනිත් කාරණේ තමයි නිලංග අයියා Photographer කෙනෙක් විදියට ප්‍රසිද්ද වෙලා හිටියට මේ වගේ චිත්‍ර කුසලතාවක් තියෙන කෙනෙක් කියල කවුරුත් දැනන් හිටියේ නෑ.ඉතින් නිලංග අයියගේ ඒ සැඟවුන හැකියාවත් මේ ප්‍රදර්ශනෙන් අපිට දැක බලා ගන්න පුලුවන් උනා.


          
                        ඇඳලා  තිබ්බ පොර්ට්‍රිට්ස් අතරේ ලෝක ප්‍රකට ශාරුක් ඛාන්,අමිතාබ් බච්චන්,මහත්මා ගාන්ධි,තෙරේසා මවුතුමිය වගේ චරිත වගේම අපේ කැම්පස් එකේ දැකල පුරුදු චරිතත් දකින්න පුළුවන් උනා.කිහිප දෙනෙක්ට නිලංග අයියට කියල සජීවීව තමන්ගේ චිත්‍රයක් අන්ද ගන්නත් පුළුවන් කම ලැබුන.බලන්න ආපු අයට තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නත් ඉඩ ප්‍රස්තාව දීලයි තිබුනේ.හැමෝම වගේ නිලංග අයියගේ මේ වැඩේට ගොඩක් හොඳ comments දීලා තිබුන.ඉතින් බ්ලොග් එකේ අපිත් නිලංග අයියට වගේම අනිත් හැමෝටම මේ වගේ දේවල් කරලා තම තමන්ගේ හැකියාවන් හැමෝටම පෙන්නන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.


                    පහලින් තියෙන්නේ එකේ තිබුන චිත්‍ර කිහිපයක්.බලන්න අඳුන ගන්න පුලුවන්ද කියලා.




























































No comments:

Post a Comment