Wednesday, September 3, 2014

නික්ම යාම

 
අහස තරම් 
පෙම් කරත්
නුඹ හට
සයුර තරම් 
කඳුලකි නෙතග
සිර වුයේ 
නිබඳ
රිදුනු තරම්
මා සිත
කෙලස 
පවසන්නද නුබ හට
නමුදු 
යලි යලිත් 
පෙම් කල අපුරුව
නුබේ ඔය දෙනුවනට
අරුමයකි 
නිබඳ එය 
සදා මතකේ ‍රැදෙන 
නමුදු නුඹේ
හද මඩල 
තුල මසුවඳ ඉතිරි  
කර
කිසි දිනක 
නො එන ලෙස
සදාකලිකවම 
සමු ගන්නට 
අවසර....

-නේරා-

No comments:

Post a Comment