Tuesday, October 7, 2014
ක්ෂිතිජ ඉම
වසත් සම
ගෙවී යත්ම
ග්රීෂ්මයේ ආගමනයත්
සමගම
නුඹෙන් සමු ගන්ට
අවසර
සෑමදාටම
ආදරණීය නෙතු
අතර සිර වුනු
මතකයට
සමු දෙන්ට
අවසර
වසන්තය
යලිත්
උනුහුම් හිරු මඬලින්
තෙදවත් වී
හරිත පැහැ රුක් ගොමු
අතරින්
නුඹට
අත වනනු ඇත
නමුදු
නුඹ හා
වසත් සුව
විද ගන්ට
යලිත් මා නොයෙනු ඇත
එහෙත්
ඈත
ක්ෂිතජ ඉමේ
නුඹ වෙනුවෙන්
මගේ මතකය
තබා
යන්ට
අමතක නොකරමි
කිසි දිනක
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment