මා දිවියේ පහන නිවී ගියේය
" සුදු පුතේ, දැන් ඉතින් අඩන්න එපා
මයෙ පුතේ.මන් දන්නවා අම්මා නැති වෙලා දැන් මාස තුනකට කිට්ටු උනත් ඔයාට අම්මව අමතක කරන්න බැරි බව. ඒත් මගේපුතේ .
තාත්තා එසේ මා අස්වසම්න් පැවසුවේ තම හිතේ ඇති
දුක් කන්දරා රෑසක් තද කරගෙන බව මට තේරුණී.
'' නෑ... නෑ... මගෙ තාත්තේ, මට දැන් මගේ අම්මා ගැන
වාගේම තාත්තා ගැනත් දුකයි.මගෙ තාත්තේ දැන් කොහොමද ඔය අසනීප පිට වැඩ කරන්නේ''
මම තාත්තාගේ
දුක, වේදනාව තේරුම්
ගෙන එයට මනා පිළිතුරක් දුන්නෙම්. එහෙත් ඒ පිළිතුරේ ඇත්තේ සෑබෑවටම, සත්‍යයක් බව මට පසක්
ව්ය. ඒ සත්‍යය මේ ලෝකයේ කොහේ හෝ සගවා
තෑබ්ය හෑකි රහසක් නොවේ.
අප ජිවත් වන මේ ලෝකයේ සිදුවන විවිධ පරස්පර
සිදුවීම් තුළ විවිධාකාරයේ දේවල් ගෑබ් වි ඇත. ඇත්තේන්ම,අපේ ජිවිත වලට බලපාන සෑබෑ යථාර්තය, සෑබෑ ඉරණම්වාදය කිසිවකුට වෙනස් කළ
නොහෑකි බව මට දෑන් වෑටහේ.
මාහට මෙ ලෝකයේ
පතිත වන සූර්යය කිරණයන් දැක ගැනීමට වාසනාව ලබා දුන්නේ මගේ ආදරණීය අම්මාය. නමුත් ඒ
සැබැ ආදරය මගෙන් ක්‍රමයෙන් ඉවතට ගිය ආකාරය සිහිවන විට මගේ පපුව සිරවී යන්නාක් මෙන්
මට දැනේ.
අම්මා මගේ ජීවිතය වෙනස් කිරීමට ගත් උත්සාහයන්
අප්‍රමාණය. නමුත් ''අම්මා'' ගැන මගේ හිතේ ඈදී තිබුණ, සතය වශයෙන්ම මගේ ඉදිරියේ ජ්වත් වුණු ඒ
රූපකාය මෙතරම් ඉක්මනින් මා ලගින් ව්යැකී යැයි මම කිසිදිනක නොසිතුවෙම්.මගේ අම්මා
ගැබ් ගත්තේ මීට වසරකට පමණ පෙරයි. නමුත් ඒ වාසනාව උදා කරන සිදුවීම මා වෙත අවාසනාව
ගෙන ඒතැයි මා සිත තිබුණේ නැත. නමුත් අම්මා මීට තෙමසකට පෙර මගේ ආදරාණීය සොයුරිය බ්හි
කරද්දී ඇයත් සමගම මේ ලෝකය අතහැර ගොස් ඇති බව මා දැන ගත්තේ මා පාසලේ සිට්න අතරේය.
පාසලේම මා ව්ලාප දෙමින් හැඩු සැට් මා හට තවමත් හොදින් මතකය.
මගේ තාත්තා මගේ ජීව්තයේ පහනයි, ඔහු ගෙන එන ආලෝකය නිසා මම මගේ ජීව්තය මේ
තාක් දුරට
පවත්වාගෙන ආවෙමි. නමුත් මගේ හිතට වද දේන තවත් කරුණක් ඇත. ඒ මගේ ආදරණීය තාත්තට විට්න්
ව්ට ඇතිවන හෘදයාබාධයයි. එහෙත් ඒ සියල්ල අබ්බවමින් තාත්තා මට කළ හැකි සියඵ යුතුකම්
කළේ මගේ හිත තව තවත් සනසම්න්ය.
''පුතේ මෙන්න ඔයා එදා
කිව්ව අර ඉන්ග්‍රීසි පොත ගෙනාවා. පුතේ මන් දන්නවා ඔයාට ඉස්කෝලෙ ගිහින් එක හිතකින්
වැඩ කරන්න බැරි බව... ඒත් මයෙ පුතේ දැන් ඉස්කෝලෙ ගියොත් හොදයි නේද?
තාත්තා මගේ පපුව පසාරු කරගෙන යන ආදරබර, කරුණාබර වචන වලින් එසේ
කියනව්ට මට ඒ වචන කිසිසේත් ප්‍රතිෂේප කල නොහැක. ''
හරි තාත්තේ, මන් හෙට ඉදලා ඉස්කෝලේ යන්නම් ඒත් හැබැයි මගේ
තාත්තා කියන හින්දා''.
වරක් තාත්තා
මා පාසල් හැරී නිවසට එන අතරමග නගරයේ රෙදිපිළි වෙළදසැලකට මා කැදවාගෙන ගියේය.
''පුතේ, ඔයාට ඔන ඇදුමක් තෝරා
ගන්න.මේ බලන්න මේ... ඒක ඒක එවා තියෙනවා'' .
''අනේ තාත්තේ... මොකටද මේවට ව්යදම් කරන්නේ
අනික තාත්තාට සල්ලි කොහෙන්ද මේ හැට් ව්යදම් කරන්න''
. නමුත්
මොනතරම් ප්‍රතික්ෂ්ප කලත් අවසානයේ නැවතුනේ කලිසම් දෙකකුත්, කමිස දෙකකුත් හා සපත්තු කුට්ටමක් රෑගේනය.
තාත්තාගේ එවේලෙහි මුවේ තිබුණ සිනහ රෑල්ල මගේ හිත
තව තවත් සැහැල්ලු කළේය. මේ තරම් පින්වන්ත පියෙක් මගේම කර ගන්නට මා කර ඇති කුසල
කර්ම අපමණ වන්නට ඇතැයි මට වරක සිතුණි.
තාත්තාගේ ඒ පෞර්ෂයෙන් හෙබි දේහය අම්මා ගේ මරණයත්
සමග දැන් නම් ක්‍රමයෙන් වැහිරී ගොස්ය. ක්‍රියාවෙනුත්, සිතිව්ලි වලිනුත් පිරිසිදු වු මගේ තාත්තා
පිටතින් සිනහව ව්දහා දැක්වුවත් ඇතුලතින් ඔහු විපුල මානසික අසහනයකින් පේලෙන බව ක්‍රමයෙන්
වැටහුණි. ඒ නොසැලේන පර්වතය මට සදාකාලික දහිරයක්, ශක්තියක් වු
බව සැබෑ යථාර්ථයයි. '
'මයෙ පුතේ, ඔයා දන්නවාද මේ සමාජය
හරිම පුදුමාකාර තැනක්. පුතේ කවදහරි මම නැති වුණත් පුතා මේ එන අබියොගයකට, බාදකයකටම කොහොම හරි
මුහුණ දීලා හොද තැනකට එන්න ඔන'
' තාත්තාගේ ඒ
වචන වලින් මගේ දෙනෙත් උඩ ගියේය.
''අනේ තාත්තා
ඇයි එහෙම කියන්නේ? තාත්තා
හිතනවද තාත්තා නැති උණොත් මම ඉදීවි කියලා''
'' ඒත් පුතේ අපි
හැමෝම මාරයා අඩ ගැහුවම යන්න එපැයි, අපි හැමදාම
ජිවත්වෙන්න ආපු අය නෙවෙයිනේ ?''.
එව්ට මම ක්ෂණිකව තාත්තාගේ දෙපය අසල ඇද වැටුණෙම්.
මා හට ක්‍රමයෙන් හැඩුම් ආවේ මා නොදැනුවත්වමය. සැබව්න්ම දොලොස් හැවිරිදි මා මේ දුක් කරදර ඉවසා දරා ගත හැක්කේ කේසේද?. නමුත් මගේ තාත්තාගේ
වචන මගේ දෙකන් පුරා රැව් පිලි රැව් දුන්නේය. පසුව මම කාමරයට දුවගොස් පොතක් පෙරළා
හිත දමනය කරමින් එය වෙත යොමු කිරීමට උත්සාහ කළේමි.
දිනක් උදැසන වැසිබර අහස් කුස දෙස බලා සිටි මම
පාසල් යාමට සුදානම් වුයේ මනා සැහැල්ලුවකිනි. එදින පරිසරයේ තිබුණු මහා ගුප්ත බවත්
සමග විටේක මගේ සිතට තද පීඩනයක්ද දැනුණි.
''පියල් ඔයාගෙ තාත්තට
අමාරුයි කියලා, හොස්පිට්ල් ඇඩ්මිට්
කරලා. අන්න ඉක්මනට ඔයාට එන්න කියලා.''
හදිසියේම
පන්ති බාර ගුරුතුමී ගෙන ආ එම පණිවිඩයේන් මගේ හුස්ම හිරවී යන්නාක් මෙන් දැනුනි. මා
ක්ශණිකව ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිට ගුරුතුමීගෙන් හා විදුහල්පතිතුමාගෙන් අවසර ගෙන
රෝහලට දිව ගියේය. පාසල අසලම තිබූ රජයේ රෝහල අසලට දිව යන මට එහි සිටි පීයසිලි
නැන්දා හඬමින් සිටිනු දක්නට ලැබුනි.
"අනේ පුතේ, උඹලෑ තාත්තා මේ දැන්
අන්ත්‍රා වුනා, මයේ
පුතේ..."
අපේ නිවසට
යාබදවම වාසය කළ පියසීලි නැන්දා කියූ ඒ වචන තුල තිබූ අර්ථය කුමක්දැයි මා හට එකවර
වැටහුණේ නැත. ක්‍රමයෙන් මගේ සිතත් ගතත් හරහා මහා ආලෝක ධාරාවක් ගලා යන්නාක් මෙන් මට
දැනුනි.
මගේ ජීවිතයට
එලියක් වූ එම පහන ඒ අන්දමට නිවී ගියේ කෙසේද? දැන් මම මාගේ
ජීවිතය කා වෙනුවෙන් පවත්වා ගෙන යන්නේද? මගේ මනස ව්‍යාකූල
වී ඇති බව මට වැටහුනි. මගේ ආදරණීය තාත්තාගේ ඒ පෞරුෂමත් දේහය, ඒ ආදරබර කරුණාබර වචන, ඒ සෙනෙහස මට නැවත කිසිදිනක නොලැබෙන බව
වැටහෙන විට මට හැඬුම් ආවේ ඉබේටමය.
මේ දොලොස්
හැවිරිදි කුඩා දරුවා මෙම ලෝකයේ අන්ත අසරණව හුදකලා විය. ඉමක් කොනක් නොපෙනෙන මේ
සමාජය නැමැති මහා සාගරයේ අතරමං වුණු මේ ඔරුව නැවත ප්‍රදීපාගාරයක ආලෝකයක් නොමැතිව
ඉදිරියට ගමන් කරන්නේ කෙසේද?
"අනේ ! මගේ
තාත්තේ,මගේ තාත්තේ,
අන්තිමට ඔයත් මාව තනි
කලා මගෙ ආදර තාත්තේ... "
වියුක්ත වූ
සිහිනෙන්, එවෙලෙහි මා මුවින්
පිටවූ වදන් එපමණකි.
-බුද්ධික සම්පත් -
පලමු වසර
No comments:
Post a Comment