එක්දහස් නවසිය විසු ගණන්වල ඉන්දියාවේ රුද්‍රප්‍රයාග් හි විසූ මිනීකන දිවියා ගැන මෙන්ම ඊට සමකාලීනව
ලංකාවේ විසූ පූනානිහි මිනීකන දිවියා ගැනත් බොහෝ අය අසා ඇති. රුද්‍රප්‍රයාග් හි දිවියා ජිම් කෝබට් විසින්
දඩයම් කර මරන තෙක් මිනිසුන් 125ක් දඩයම් කර තිබුණු අතර රොපර් ෂෙල්ටන් අගාර් විසින් දඩයම් කර
මරා දමන තෙක් පූනානිහි දිවියා මිනිසුන් 12 දෙනෙකු දඩයම් කර තිබුණි.මොවුන් දෙදෙනාම දරුණු ලෙස මිනී මස්
කෑමට ලොල් වූ දිවියන්.
අනෙක් සෑම වන සතෙක් සේම දිවියාද හැකි සෑම විටකම මිනිසා මඟහැර සිටීමට උත්සාහ කරයි. නමුත් එසේ කළ
නොහැකි විටක පහර දීමද විකල්පයක් ලෙස තෝරා ගත හැකියි.
මෙම ලිපියට පාදක වුණු සිදුවීම් දෙකක් මෑත කාලයේ වාර්තා විය. කතරගම පාද යාත්‍රාවේ යෙදුණු කණ්ඩායමක
දෙමළ කාන්තාවක් කුමන වනෝද්‍යානය තුළදී දිවියෙකු විසින් දඩයම් කිරීම හා 2014.07.17 දින නාවලපිටියේදී
දිවියෙකු විසින් ද්‍රවිඩ කාන්තාවක් දඩයම් කිරීම හා තරුණයෙකුට පහරදීම එම සිදුවීම්ය.
ඇතැම් විටක සිය ගැලවීම පිණිස දිවියා මිනිසුන්ව දඩයම් කලත් ආහාරයට නොගන්නා අවස්ථාද වාර්තා වේ.
සාගිනි නිවාගැනීම පිණිස දිවියෙක් මිනිසුන් දඩයම් කරයි නම් ඊට මුල්විය හැකි හේතු දෙකකි. දුබල වියපත් දිවියෙකුට
මිනිසෙකු පහසු ගොදුරක් වීම එක් හේතුවක්. අනෙක් හේතුව තමා තාවකාලික හෝ ස්ථිර ආබාධිත තත්වයක් නිසා
දිවියා දුර්වලව සිටීම.
කෙසේ වුවත් දිවියෙකු මිනී මස් කෑමට හුරු වීම එතරම් සුබ කරුණක් නොවෙයි. මිනී මස් කෑමේ නොතිත් ආශාවෙන්
වඩ වඩාත් උපක්‍රමශීලී වන දිවියා නිහඬ කරවීම අන්තරායදායක කටයුත්තක්.
නිලංග රණතුංග
(2012/2013)
No comments:
Post a Comment