Tuesday, September 10, 2013


 
   මඟුල

හෙට අපේ   batch එකේ එකෙකුගේ අක්කා දීගේ යන දවස. කට්ටිය එහේ යන්න හරි හරියට set වෙනවා.meeting එකකට හරි දානේකට කපකටහරි,ඔනම එකකට අදින uniform  එක වගේ තියේන එකම එක කලිසමත් අත් දිග shirt එකත් කාගෙන් හරි ඉල්ල ගත්ත belt එකත් මෙස් නැති සපත්තු ජොඩුවත් බෑග් එකට ඔබාගෙන ඒකත් කරේ එල්ලගෙන campus halt  එකේන් bus එකට නැග්ගා. කොහොම කොහොම හරි වෙඩ්න් එකට කලින් දවසේ මගුල් ගෙදරට කට්ටියම set  උනා.

මුලින්ම බැලුන් වලින් පොඩි item එකක් දාලා වැඩේට  enter උනා. ඊට පස්සේ නෙලුම් මල් වල පෙති නමලා රෝස මල් වගේ හදලා කොලපාට ලස්සන ලස්සන කොල අතුයි නුවර මලුයි එකතු කරලා ලස්සන පාට පාට  මල් සැරසිල්ලක් හදපු අපේ එවුන් ඊලඟට බැස්සේ බැලුන් තොරණ හදන්න. වැඩේ හිතුවට වැඩිය අමරුයි. කටේ තියෙන හුලන් සේරම ඉවර වෙනකන් බැලුන් පුම්බලා හුලන් යනවට කට ගැට ගහලා එවා එකින් එක එකට තියලා කොටු හැඩති රාමුවේ බැදලා බැලුන් තොරණක්හැදුවා.

දැන්නම් අපේ කට්ටිය තැන්තැන්වල විසිරිලා.එක එකා, එක එක  වැඩ. සමහරු පොල් ගස් වල බඩගාලා පොල් මල් කපනවා,සමහරු වයර් රොලයි holder එකයි එක්ක ඔට්ටු වෙනවා, ලෝරියෙන් ගෙනා බීම කේස් බානවා,පුටු මේස හදනවා ලෝකේ නැති වැඩ.
දැන්නම් දොළහ පැනලා ඒ උනට වැඩ කරලා ඉවරයක් නෑ.කට්ටියටම වැඩ කරන ගමන් නින්දයනවා.එකේකුගේ යෝජනාවකට අනුව දෙන්නා දෙන්නා shift  එකට නිදාගන්න ගමන් අනිත් උන් වැඩ.

උදේ හතරට විතර set  එකම නැගිටලා ගේමට බැස්සා.ඉස්සරහයිනුත් පිටිපස්සේනුත් රැළි තියේන සුදුපාට හරියට ඉස්කෝලේ   ගවුමක් වගේ එකක් පුටු 600 ට අන්දවලා ලස්සන තව වැඩිකරනන් ක්‍රිම් පාට බෝ එකක් පිටිපස්සේන් එල්ලලා    නිල්පට රෙදි දාලා ඉට උඩින් මල් බොකි තියපු  table ටිකත් පිලිවලට හදලා ඉතුරු වෙලා තිබුන පොඩි පොඩි වැඩ ටිකත් ඉවරයක් කරලා  අපිත් ගෙනාපු ඇඳුම් ඇඳලා කොණ්ඩෙ ජෙල් කරලා උඩ බොත්තමත් දාලා සුපුරුදු ගඳ යන්න sent  නාලා වෙඩින් එකට set  උනා.

මනමාලයත් මනමාලිත් උඩරට විදියට ඇදලා මගුල් බෙර ගහලා උඩරට නැට්ටුවො නටලා පාවඩ එලලා genuine   genuine න් පොරුවක නැගලා දෑගිලි එකට බැදලා මගුල් ගෙදර ජයටම යනවා.

වෙලාව 10  විතර ඇති එකපාරටම හලාවත ප්‍රාන්තේට වැහි බින්දු ලාවට වැටෙන්න පටන් ගත්තා.වැස්ස ටිකෙන් ටික වැඩි වෙන්න පටන්ගත්තා. දැන්නම් දෝරේ ගලන්න වහිනවා.කතාකර ගත්ත විදිහට මෙ වෙලවෙ wellcome drink  එක දෙන්නයි හිටියේ.මහ වැස්සේ කොහමද  serve  කරන්නේ. මිනිස්සු ඇවිත් ඉන්නේ වෙඩින් එකකට ඒ මිනිස්සුන්ට හොදට සැලකුවෙ නැතිනම් හොඳ නැත්තේ අපේ එකාට.වැස්සට වෙඩින් එක හේදෙන්න දෙන්න බැ මොනවා හරි කරලා අපේ එකාව ගොඩදාන්න ඕන කියලා කතා උනු අපේ වුන් අරහෙන් මෙන් හොයාගත්ත කුඩ ටිකක් අරන් වැඩේට බැස්සා.

වීදුරු 20 විතර තියෙන tray එකක් අතේ අල්ල  මැද  තියන් අනිත් අතින් ඒකට කුඩේ අල්ලන් ඇගෙන් බාගයක් විතර වැස්සට තෙමි තෙමි serve කරන්න පටන්ගත්තා. ඊට පස්සේ එවේලේම උනු උනු වේ බැදලා දෙන කට්ලටුත් ඩෙවල් දාපු chicken නුත් බටර් ලාවට දාලා තේන්පරාදු කරපු chopsue ත් ටික ටික පොඩි plate වලට දාලා අමරුවෙන් 3 ක් විතර tray එකක තියන් ආයෙත් අර විදිහට එක අතකින්  tray එකයි අනිත් අතින් කුඩෙත් අරන් අපේ උන්  හැම table එකක් ගාවටම යනවා. මිදුලේ වතුර පිරෙන එක නවත්වන්න   සුදු emerald අත් දිග shirt එක දෙතුන් පාරක් උඩට නමපු අපේ එකෙක් උදැල්ලක් තියන්  කානුවක් කපන්න ඔට්ටු වෙනවා. වෙඩින් එකට ආපු එකෙක් වත් තෙමෙන්නේ නැතිව කොහම හරි එහාට මෙහාට ගෙනියන්න කුඩ අල්ලන්න තවත් සමහරු කිටි කිටියේ දුවනවා. දැන්නම් කොල්ලො ටික හොදටම තෙමිලා.සපත්තුවල වතුර පිරිලා. හීතලට අපේ උන් වෙවුලනවා.

හවස් වෙද්දි  වැස්ස ටිකෙන් ටික අඩු උනා. දැන් මඟුල් කාරයො පිටත්ව යන්නයි හදන්නේ.''දුවේ නුඹ මගේ ප්‍රණයයි'' ගීතය  calypso band  එක සිරාවටම ගහනවා. නෑදෑ සනුහරේ සතුටු කඳුලු මැද මනමාලයයි මනමාලියි අලුත් කූඩුවක් හදන්න අලුත් ජීවිතයක් අරඹන්න මනමාල පාර්ශවයේ නෑ පිරිවර සමග පිටව ගියා.

දැන් ඉතින් මඟුල් ගෙදර අපේ වගේ තමයි.   calypso band  එකට කියලා සිරාම සිරා සින්දු ටිකක් play  කරන් අපේ එවුන් කිටි කිටියේ නටනවා.දැන් අපේ උන් ඉන්නේ fun  එකේ කෙළවරේ.

 හොදටම වියදම් කරලා සිරාවටම plan  කරපු වෙඩින් එකක් වැස්සට ගහගෙන යන්නේ දෙන්නේ නැතිව ගොඩ දාපු අපේ එවුන් එදානම් මාරම මාර සතුටක් ලැබුවේ.

වැඩකරලා ඇඟට අමාරු හන්දා ලාවට රැට කාලා බීලා වැටිච්ච වැටිච්ච තැන්වල අපේ එවුන් නිදි.

 Study leave  එකේ දවසක් වෙච්ච ඊලඟ දවසේ උදෙන්ම නැගිටලා තෙමිච්ච ඇඳුනුයි සපත්තුයි බෑග් වල ඔබාගෙන කට්ටිය තම තමන්ගේ ගෙවල් වලට යන්න මඟුල් ගෙදර ගෙට්ටුවෙන් එලියට එනකොටම ගේට්ටුව ඉස්සරහා නවත්වපු  truck එකකින් එලියට බැහැලා ආපු medium size එකේ ඩයල් එකක් අපේ එකා ගාවට ඇවිත් මෙහෙම කිවුවා

. ''ආ කොහොමද පුතා වෙඩින් එක, ජයටම තිබ්බලු නේද?  පුටු 600 ත්,     tent  ටිකත් ගෙනියන්නයි ආවේ. පුතාගේ campus යාලුවොත් ඉඳපු හන්දා ගෝලයෙක්වත් ගෙනාවේ නෑ.''
                                                                                             
                                                                                                  By - Second year එකෙක්

No comments:

Post a Comment