Wednesday, January 8, 2014

සෝල්බරි දියණිය වෙනුවෙන් මොහොට්ටාල සිතක්





 සියපතක් තුරුලට ගන්න මට
  උණුහුමක් ඇත හදවතෙ
  සෙනෙහසක් යලි දළුදදා විත්
  කිතිකවයි සිත හිතුමතෙ
  හිතෙනවා, පියඹලා එන්නද?
  සොයා ඔය නෙතු දස අතෙ
  දින පොතත් ඉවරයි කුමරියේ
  මේ ලියන්නෙ මගෙ හිතේ

  සඳවටක් තරු රුසිරු දැක දැක
  හිනැහියන් ආයෙත්
  අරලිය ගහමුලදි හිස සිඹ
  සනසපන් ආයෙත්
  ඉඟි පපා ඉඟ සලසලා
  අත වනාපන් ආයෙත්
  හීන් මල්සර හීනෙකින්
  තුරුලට වරෙන් ආයෙත්


                                                                      

   -සංඛජ ධර්මතිලක-
   

                   Copyright © 2014 Art Circle - sithuwili - Wayamba University of Sri Lanka FAPM

No comments:

Post a Comment