Friday, January 31, 2014

වැම්පයරයන්ගෙන් තොර වයඹට අවැසි ප්‍රේමය


දිවයිනේ ප්‍රසිද්ධ මාද්‍යවේදියෙක් මෙහෙයවපු media course 1ක් කරන්න කියලා මාත් කාලයක් කොළඹ ඇද්දා... ඔය කාලේ තිස්සෙම කැළණියේ  රගාගේ බොඩිමේ ඉඳන් ආමර් වීදියට අවිත් එතනින් 176 බස් 1ක් අල්ලගෙන තමා cls ගියෙ. හැමදාම ආමර් වීදියට එනකොට එතන හන්දියෙ වයස 70 පන්නපු, වයසක ජෝඩුවක් ඉන්නවා. සීයා අතේ තියන රබානකට වෙව්ලන අතින් ගගහ එයාටයි එයාගෙ කටහඬ අහන්න ඕනෙමයි කියලා හිතිලා ලඟටම එන කෙනෙකුටයි විතරක් ඇහෙන ගානට වෙව්ලන ස්වරයෙන් බොහොම ක්ෂුද්‍ර සංඛ්‍යාතෙකින් තමන්ගෙම තාලෙකට සින්දුවක් කියනවා. මට තේරෙන විදියටනං ඒක 70 දශකේ 1ක් වගේ.. සීයා ලඟින්ම ඉඳගෙන සීයගේ හොඳම රසිකයගේ part1ක හොඳටම රඟපන්නා වගේ ආච්චි බොහොම සීරුවට ඉඳගෙන ඉන්නවා. සීයගෙ සින්ඳුවෙ තාලෙට ලාවට කකුලෙන් තාල තිය තිය වෙව්ලන දකුනු අතින් බෙලෙක් කෝප්පයක් අල්ලන් ඉන්නව. හරියට තමන්ගෙ මහත්තයගෙ කන්කලු හඬට වශීවෙන අනික් අයටත් සීයට පොඩි සන්තෝසමක් දීල යන්න කියනවා වගේ.. දෙන්නදෙමහල්ලන්ගෙ ඇත්තම බලාපොරොත්තුවත් ඒකම වෙන්න අති. අතපය වාරු නැති උනත්  , කාගෙවත් හවුහරනක් නැති උනත් තාමත් දෙන්නට දෙන්න ඉන්නව කියල හිතෙනව ඇත්ද?
සමහරක්විට සීය කොල්ල කාලේ පට්ටම ගායකයෙක් වෙලා හිටියවත්ද?
දරු සිඟිත්තෝ බර ගානකට උණුහුම දීපු අහිංසක කුරුළු කූඩුවක අයිතිකාරයො වෙලා හිටිය වත්ද?
සීයල ආමර් වීදියෙම සින්ඳු කියන්න එන්නෙ ඊට උඩින් ආකසේ පියාඹන අහස්යාත්‍රාවක තමන්ගෙම ලොකු පුතා, දෙවෙනි, ලොකු දෝනි ,පොඩ්ඩා යනවා එනවා කියලා හිතෙන හින්දවත්ද?
එහෙම යනව එනව නන් එයාලව දැනේවී, පෙනේවී කියන මෝඩ උනත අහින්සක බලාපොරොත්තුව හින්දවත්ද?
මන්දා,,,,,,,,,,,,,,,
මෙ මොනව උනත් දෙන්නම බොහොම දුර්වලව, අබලන්ව හිටියත් බොහොම සන්තෝසෙන්, ආදරෙන් ඉන්නව කියලනන් ඇහැ කන තියෙන ඕනෙම මෝඩයෙකුට තේරෙනවා...
ඔය වෙලාවෙ තමයි හිතුනෙ සින්දුවල තියෙන අකලංකයි, අවංකයි, සඳ එළිය සේ අචින්ත්‍යයි කියන ආදරේ මේකද කියලා..
කන්න බොන්න හරියකට නැති උනත්, ඉන්න හිටින්න හරිහමන් තැනක් නැති උනත්, කාගෙ හරි උපකාරයක් ඕනෙ කාලෙක නගුට වනන්න තරන් හයිය තියෙන බල්ලෙක්වත් ලඟපාතක නැති උනත්
මහ පාරට වැටිලා එදාවේල කන්න සින්ඳු කියන්න උන දවසටත් සීය වෙනුවෙන් ආච්චිත් ආච්චි වෙනුවෙන් සීයත් හිටපු එකම නව සහස්‍රයේ අපට මහමෙරක්,ආශ්ච්‍ර්‍යක්,මායාවක් නෙවේද්??

සීයා ආච්චි ජෝඩුව ගැන කල්පනා කර කර කොළඹින් ‍තෝප්පුවටත්, එතනින් campus1කට ආපි කියමුකෝ...
වෙනසකටත් එක්ක කියලා IT 1ක පැත්තෙන් දාල මල් පාරෙන් canteen යන්න හිතුවා..
වෙලාව හවස 6.30 ට 7.00 ට විතර
අම්මටහුඩු....  vampier diaries ද?, eclips ද?, new moon ද?, breaking dawn part 1ද 2 ද?????
ඒ මොන මල හත්ඉලව්වක් වත් නෙමෙයිනන් DRACULA වත්ද???
අනේ මන්දා මේ බෙලි බදාගෙන රීරි මාන්සෙ උරාගෙන කන ප්‍රේම ජවනිකායි කියන ඒව ආමර් වීදියේ  අකලංකයි, අවංකයි, සඳ එළිය සේ අචින්ත්‍යයි කියපු ආදරෙන් කොච්චර නන් අපගමනය වෙලාද?



සාදාරණයි ඉතින් උන් නාකිනෙ අපි තරුණ කොල්ලො කෙල්ලො කියන කතාව, ඒත් අපිට ඕනෙ නැද්ද මේ බැඳීම හැමදාටම තියාගන්න,,,
ප්‍රවේසමෙන් මචං අවුරුදු 4 තිස්සෙම ඔහොම ලේ උරන් බිව්වොත් ගෙදර එක්කන් යන්න කලින් ලේ පයින්ට බරගානක් පොම්ප කරන්න වෙයි ,,
ඒකෙත් කට්ට කන්න වෙන්නෙ එදාට ඉන්න 1st years ලට.. උන්ට අලුත් function 1ක් විදියට blood camp 1කකුත් organize කරන්න වෙයි...




                                                                                               
                                                                                                 -සංඛජ ධර්මතිලක-
                                                                                                      පලමු වසර

No comments:

Post a Comment