Sunday, April 26, 2015

නුඹ මහ රජෙකි මට...



එදා කිරි කැටියෙකුව සිටි ම මඳහසින්..
'පීතෘත්වය' නම් 
රාජාභිෂේකය ලැබූ නුඹ..
ගිරි දුර්ග,වන දුර්ග, ජල දුර්ග, පරයා
ශක්තිසම්පන්න, තෙදවත්, බලවත් 
මහ රජෙකු ලෙස 
ම දිවිය ආරක්ෂා කල
නුඹ..
මහරජෙකි මට
ගෙවී ගිය සෑම තත්පරයක් පාසාම
ම දිවියේ යෝධ සෙවනැල්ල වූ අපූරුව..
ශක්තිමත් ගිරි පවුරු ඔබ්බෙන්
ලෝකය දකින්නට 
කියා දුන් නුඹ
ලෝකය දිනන්නට හැකි ඒ මහාර්ඝ අසිපත
ම වෙත තිලිණ කල
නුඹ
තවමත් නිසොල්මනේ
එදා මෙන්ම අදත්
මගේ ජීවිතය තුල 
කිසිදා නොනිමෙන 
පහන්ටැඹක් ලෙස
එකලු කරමින් 
බලා හිදී
පීතෘත්වයේ පිවිතුරු ප්රතිමූර්තිය 
ලොවට පසක් කර දුන් 
නුඹ
ම දිවිය අර්ථවත් කල
මාගේ ආදරණීය පියාණන්
වන්නේය...!!!!


නේරංජනා හේමචන්ද්‍ර
(2011/2012)

No comments:

Post a Comment